Headlines News :
Home » » රජාට අඳින්න කඩුව ගන්න ගිහින් ගොනාට ඇඳගන්න අපේ මවුපියන් හා සිසුදරුවන්..

රජාට අඳින්න කඩුව ගන්න ගිහින් ගොනාට ඇඳගන්න අපේ මවුපියන් හා සිසුදරුවන්..

Written By Expresslanka - Web Building Project (USA) on Oct 17, 2011 | 7:55 PM


රජාට අඳින්න කඩුව ගන්න ගිහින් ගොනාට ඇඳගන්න අපේ මවුපියන් හා සිසුදරුවන්..
 
      
ඉංග්‍රීසි භාෂාව අපේ දෛනික ජීවිතයට ඉතාමත් වැදගත් වන භාෂාවක්.. මොකද ගොඩක් රටවල ප්‍රධාන භාෂාවක් ලෙස භාවිතා කරන්නේ ඉංග්‍රීසි.. මෙම භාෂා මාධ්‍ය හරහා ගොඩාක් තොරතුරු ගන්නත් වැඩිදෙනෙකුට තොරතුරු ලබා දෙන්නත් පුළුවන්.. උදාහරණයකට අන්තර්ජාලය සලකන්න.. මෙමගින් කියවෙන්නේ දැනුමේ දොරටුව ඉංග්‍රීසි භාෂාව කියලයි.. 
     මෙම භාෂාවේ වටිනාකම අප හැමෝම දන්නා දෙයක්.. ඒ නිසා අපගේ මෙම අවශ්‍යතාවය දඩමිමාකාර ගනිමින් ගුරුවරුන් ලෙස පෙනීසිටින වංචාකාරයින් හා බොරු කාරයින් පෞද්ගලික ඉංග්‍රීසි පාටමාලා  ඇතිකර ඇත. අද ලංකාවේ ගෙයක් හැර ගෙයක් ගානේ ඉංග්‍රීසි ටියුෂන් පංති ඇත.. සමහරු මහා පරිමාණයෙන් මෙම මුදල් ගැරීමේ කටයුත්තේ නියලී සිටින්නේ ආයතන මට්ටමිනි.. එනමුදු අ පො ස (සා/පෙළ) ඉංග්‍රීසි සමත්වීමේ ප්‍රතිශතය 35% ටත් වඩා අඩුය.. ඒ කියන්නේ ලකුණු 35 ට වඩා වැඩියෙන් ගන්න අය ඉන්නේ සියදෙනෙකුගෙන් 30 ක් හෝ 35 ක් පමණක් බවයි.. මෙතරම් ඉංග්‍රීසි පංති තියන රටක මෙහෙම වෙන එක තමයි පුදුම.. ළමයකුට ඉංග්‍රීසි උගන්වන්න ටියුෂන් දෙන්න ගන්නේ වයස අවු 5 හෝ 6 සිටයි.. ඒ වයසින් ඉගනීම ආරම්බ කරන ළමයා අවු 10 ක් විතර ඉංග්‍රීසි ඉගනගෙන 11 ශ්‍රේණියේදී F සාමාර්ථයක් ගන්නේ ඉංග්‍රීසි යනු අමාරු විෂයක් බවට සමාජ සම්මතයක් ද බිහි කරමින්..  සැබවින්ම මෙම තත්වයට වගකිව යුත්තෝ කවරහුද

දෙමාපියන්
මොට්ට අධ්‍යාපන බලධාරීන්
ගුරුවරුන්
අවස්තාවාදී රජයේ පාලකයින්
විශ්වවිද්‍යාල සිසුන් 

       ඉහත දක්වා ඇති චෝදිතයින්ගේ නූගත්කම, ඇල්මැරුණු බව, ගතානුගතික බව  හා අවස්ථාවාදී බව මේ සඳහා හේතු වී ඇත.. මොවුන්ගේ ක්‍රියාකලාපයන් හේතුවෙන් වන්දි ගෙවීමට සිදුව ඇත්තේ අහිංසක සිසු දරුවන්ටය..
      ලංකාව තුල වැඩිවී ඇති ඉංග්‍රීසි භාෂා ඉල්ලුමට සරිලන ගුණාත්මක බැවින් යුත් පාටමාලා බිහි වීමක් දකින්නට නැත.. මීට ප්‍රධානතම හේතුව ඉංග්‍රීසි මාෆියාවක් ක්‍රියාත්මක වීම බව අකමැත්තෙන් උවද කීමට කැමතිය.. මොවුන් ගේ අරමුණ තවදුරටත් ඉංග්‍රීසි භාෂාව සුපිරි පැලැන්තියේ භාෂාවක් ලෙස පවත්වා ගනිමින් තම අභිමතාර්ථයන් ඉෂ්ට සිද්ද කර ගැනීමයි.. ඉංග්‍රීසි ඉගැන්වීමේදී නිසි ආකාරව ඉගැන්වීම සිදුනොවන අතර ගුරු මුෂ්ටිය තබා ගැනීමද දැකිය හැක.. බහුතර ජනතාවක් නූගත් වන තරමට මෙම මාෆියා කරුවන්ගේ පොකට්ටුව බර කර ගත හැකි බව ඔවුන් දනී.. කිසි දිනක ළමයකුට ඉංග්‍රීසි ඉගන ගැනීමට උගන්වන්නේ නැත.. සැමවිටම කරනුයේ ඉංග්‍රීසි කට පාඩම් කරවා ළමයාත් දෙමාපියනුත් කුල්මත් කර විශ්මයට පත් කිරීමයි.. "හා හොඳයි දැන් ඔයාට ඉංග්‍රීසි පුළුවන්.."  එවිට ළමයාත් දෙමාපියනුත් සිතනුයේ ළමයාට දැන් ඉංග්‍රීසි කතා කරන්නත් ලියන්නත් පුළුවන් කියලා.. එත් පාටමාලාව අවසන්වෙලා මාස 2 ක් ගිය ගමන් තමන් එවැනි පාටමාලාවක් කල බවක්ද නොදනී.. මුලදී කතා කල ඉංග්‍රීසි භාෂාවත් අමතකය.. අනේ පවු අපේ අම්මලා තාත්තලා සහ ඔවුන්ගේ දු දරුවෝ හැමදාමත් රැවටෙනවා.. මොකක් හරි ඉංග්‍රීසි වාක්‍ය ටිකක් ගිරවුන්ට වගේ කට පාඩම් කරවලා.. දෙමාපියන්ගේ අතේ තියෙන තුට්ටු දෙකට විදිනවා.. බොහොමයක් ගුරුවරු කැමති නෑ ඉංග්‍රීසි වල තියෙන රහස් ටික උගන්වන්න.. මොකද මේ ඉගන ගන්න සිසුන් ලොකු උනාම ඔවුනුත් ට්යුෂන් කරලා තමන්ගේ බඩට ගස්සවාගන්න කොයි ගුරුවරයාද කැමති..
      අපේ දරුවන්ට ඉංග්‍රීසි ඉගැන්වීමේ වගකීම දරන ජාතික ආයතනය වන්නේ ජාතික අධ්‍යාපන ආයතනයයි.. මෙහි සිටින්නන් වැඩි ප්‍රමාණයක් මැට්ටන්ය.. බක පණ්ඩිතයන්ය.. මොවුන් මෙම ඉංග්‍රීසි මාෆියාවේ ප්‍රධාන කොටස් කරුවන්ය.. මොවුන් විසින් ළමයින්ගේ පෙළ පොත් සාදා ඇත්තේ එක්තරා පැලන්තියක  ඉගනීම සඳහාය.. "ගමේ දරුවා මඩට අපේ දරුවා ලෝකයට" යන තේමාවට අනුව වැඩ කරයි..
      අපේ පාසල් බොහොමයක ඉංග්‍රීසි ගුරුවරයා යනු ආගන්තුක පිනට පඩි ගන්නකු වී ඇත.. ඔහුට හෝ යට සිදු වී ඇත්තේ බූරුවන් හදපු සිලබස් එක ඇස කන පියාගෙන අන්ධයකු ලෙස වසරක් ඇතුලත කවර් කිරීමය.. "මට පඩිය ලැබෙනවානම් මුන් ඉගෙන ගත්තත් එකයි නැතත් එකයි." යන්න පාසල් ගුරුගේ තේමා පාටයි..
      කලින් කලට පත්වෙන පාලකයින්ගේ මුලික අරමුණ තමන්ගේ මඩිය තරකර ගැනීමයි.. "මොකා මොකක් කලත් කමක් නෑ මගේ මඩිය තර වෙනවානම්.. හොහොමත් මගේ එකා කැමති නම් එරටට.. මගේ නම ගෙනියන කොට මෙරටට.." යන්න පාලකයින්ගේ තේමාවයි..
      ලංකාවේ විශ්ව විද්‍යාල සිසුන් තමයි ලෝකයේ සිටින උගත්ම පිරිස.. කියලා තමයි ඒ අය හිතන්නේ.. ඉතින් මේගොල්ලෝ කරන බුද්ධිමත්ම ක්‍රියාව තමයි.. ගෙන ගෙන හැම අධ්‍යාපන ප්‍රතිසංස්කරනයකටම උත්ගෝෂණය කරන එක.. අනේ පවු මේ ලමයි  ඉතින් අර මැට්ටෝ හදපු පොත් කියවලා මොලේ මන්ඥාන් කර ගත්තු දරුවන්නේ.. ඉංග්‍රීසි භාෂාවයි සුද්දයි දෙන්නම ඔවුන්ට අරහන්නේ.. ඉතින් මේ අයගේ දැනුම වැඩියි.. දැක්ම අඩුයි..  
      හැමදාමත් ගොනාට අඳින්න කැමති අපේ බොහොමයක් දෙමාපියන් තම දරුවාට ඉංග්‍රීසි ගුරුවරයෙක් හෝ පාටමාලාවක් තේරීමේදී කිරි පට්ටියේ ඉන්න හොඳම ගොනාට අඳින්න අමතක කරන්නේ නැත.. අපේ දෙමාපියන්ට අනුව හොඳම ඉංග්‍රීසි දැනුම තියෙන ගුරුවරයකු සතු ගුණාංග කිහිපයක් පහතින් දක්වා ඇත.. 

නවීන් පන්නයේ මිල අධික වාහනයක් තිබීම. (අඩුම තරමේ ලොකු බයික් එකක් වත්) (වාහනයේ මිල = ලබාගත් උපාධි වල බර)
පෞද්ගලික උපකාරක පාටමාලා හෝ පන්ති වැඩිප්‍රමාණයක් පවත්වාගෙන යන්නකු වීම.
ගුරුවරයා විසින් අයකරන මුදල වැඩි වීම.
ස්මාට් එකට ෂර්ට් එක යටකරල අඳින, හොඳ සුවඳ විලවුම් පාවිච්චි කරන, රු 6000 ට වඩා වැඩි සපත්තු පළඳින, කැඩිච්ච සිංහල පාවිච්චි කරන්නකු වීම..
කතා බහෙන් හා ගමන් චර්යාවෙන් සිත් ඇදගන්නා සුළු පුද්ගලයෙක් වීම.
ගුරුවරයාගේ වත ගොත නොදන්නා තරමට දෙමාපියන් වඩාත් කැමතිය. 

       ඉහත දක්වා ඇති කරුණු කරනා සලකා බලා අපේ දෙමාපියන්ගේ ආර්ථික හැකියාව මත තම දරුවන්ට කෙටි කාලයකින් ඉගැන්වීමට රු 10000 සිට 100000 දක්වා වූ ඉංග්‍රීසි පාටමලා කිරීමට ට්යුෂන් මාස්ටර්ලා වෙත යොමු කරයි.. ඇත්තටම ඉංග්‍රීසි මෙතරම් මිලද? මාස 6 ක් වැනි කෙටි කලකින් ඉංග්‍රීසි ඉගෙන ගෙන නිම කල හැකිද?

නොහැක 

     අඩුම ගානේ ඉංග්‍රීසි භාෂාව නිවැරදිව වසර 2 ක් වත් පරිශීලනය හෙවත් ඉගනීම කලයුතුය.. ඉංග්‍රීසි වැනි භාෂාවක් ඉගනීමේ දී ප්‍රධාන පුද්ගලයා ගුරුවරයා නොව තමාත් තමාගේ දරුවාත්ය.. එනම් විශේෂයෙන්ම තම දරුවාය.. එනම් තම දරුවා 80% දායකත්වයක් සැපයිය යුතුය.. ඉංග්‍රීසි ඉගනීම සඳහා රු 10000 කට වඩා වැඩිපුර වියදම් නොකරන්න.. තම දරුවාට භාෂාව ඉගනීමට අවශ්‍ය පොත් පත් ටික මිල දී ගන්න.. දරුවා ස්වයං අධ්‍යාපනයකට යොමු කරන්න වගබලා ගන්න. රටේ ඉන්න ට්යුෂන් කඩ කාරයින් ගාවට යැවුවට පලක් නම් නැහැ.. ගුරුවරයකුගේ සහය අවශ්‍ය විට සරල චාම් ගති පැවතුම් තියෙන කෙනෙක්ව තෝරා ගන්න.. නිතරම අභ්‍යාස වල ළමයා යොදවන්න. ඉංග්‍රීසි භාෂාව තුල රහස් ඇති බව මතක තබා ගන්න.. 
ජය නියති..


Share this post :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. SRI LANKA NEWS LINK SINHALA | Sri Lanka News Online in Sinhala - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger