Headlines News :
Home » » MBBS උපාධිය ගොනාට ඇන්දවීම.

MBBS උපාධිය ගොනාට ඇන්දවීම.

Written By Expresslanka - Web Building Project (USA) on Oct 20, 2011 | 10:38 AM



         වෛද්‍යවරයකු යනු උගත් පුද්ගලයෙකි..  නමුත් ඒ  අය අතරින්   බුද්ධිමත්   අය ඉන්නේ ඉතාමත් සුළු පිරිසක් විතරයි.. අප මේ ගැන මොහොතක් බුද්ධිමත්ව විමසා    බලමු..    අද    වෛද්‍යවරයකු ලබන පඩිය සාමාන්‍යෙන් රු 45000 ට වඩා වැඩිය..   එනමුදු ඔහුට එම මුදල ඉතාමත් සොච්චමකි..   එම නිසා ඔහු/ ඇය අද පෞද්ගලික චැනල් සේවා පවත්වාගෙන යමින් තව තවත් මුදල් සෙවීමට පෙලබී ඇත.. වෛද්‍යවරයකු යනු අප වගේම මිනිසෙකි.. ඔහුගේ ආමාශය (බඩ) ලොකු නැත.. එනම් ඔහුට අපට වඩා වැඩිපුර ආහාර අනුභව කල නොහැක.. එකවිට ඇඳුම් 4 ක් හෝ 5 ක් ඇඳීමට ශරීර  4 ක් හෝ 5 ක් ද නැත.. ඇත්තේ එක ශරීරයකි.. ඔහුගේ අල්මාරියේ එම ශරීරය සරසවන්නට ඇඳුම් 20 ක් 30 ක් තිබිය හැකිය.. එත් ඔහු දිනකට ඇති ආහාර වේල් 3 නෙන් හරියට ගන්නේ එක ආහාර වේලක් විය හැකිය.. මේ අනුව බලනකොට සාමාන්‍ය මිනිසකුගේ පරිභෝජන ප්‍රමාණය වත් වෛද්‍යවරයකු කරනවාදැයි ප්‍රශ්නයක් පැනනගී.. එත් එයාට ලැබෙන පඩිය මදිලු.. ඇත්තටම බලමු මොකක්ද මේ උගත් වෛද්‍යවරයාට වෙලා තියෙන්නේ කියලා බලමු..


       අනේ අප්පා.. උගත් කමටත් ගිය කල... ඔහු මුදලාලිගේ රූකඩයක් වෙලා.. මුදලාලි ලස්සන ලස්සන කාර් පෙන්නලා වෛද්‍යවරයාට එක විකුනලා.. ලොකු ගානකට.. මේ වගේ ලස්සන වාහනයක ගියාම ලොකු නම්බුවක් ලැබෙනවා.. හැමෝම ඔයා දිහා බලනවා.. එතකොට ඔයාට අර ලස්සන දොස්තර නෝනවත් සෙට් කරගන්න පුළුවන්.. මේකෙන් ගියාම ජීවිත පහසුයි ගොඩක් සල්ලි හම්බකරන්න පුළුවන්.. මේ වගේ   ඒවා  පාවිච්චි  කරන්නේ එසේමෙසේ අය නෙමෙයි.. එක නිසා මේක ගන්න කියලා.. මුදලාලි දොස්තරව හොඳට අන්දවලා දොස්තර, ජීවිතයේ    ඒ දක්වා  හම්බකළ සබ්බ සකල මනාවටම විදිනවා.. ආශාව පාලනය කරගන්න බැරි උගත් කම මොකටද? උගත් කමයි මෝඩකමයි අයියයි මල්ලියි වගේ නේද


        දැන් ඉන්න වෛද්‍යවරු එක එක්කෙනාට කලස් දමන්න ඕන නිසා තමන්ගේ අතේ තියන මුදලටත් වඩා ලොකු ගණන් දීලා කාර් ගන්නවා.. ඉතින් ඉතුරු මුදල ගෙවන්න ෆිනෑන්ස් කොම්පැනි වලට ණය වෙනවා.. ඉතින් දොස්තරගේ ගාවට එන ලෙඩාගේ පොකට් එකේ තියෙන සබ්බ සකල මනාවටම විදලා දුප්පත් අහිංසක ලෙඩාගේ ලේ උරාබොන තත්වයට පත්වෙලා.. අනේ පවු.. දොස්තරටත් ගිය කල.. කාර් එකේ මිල රු ලක්ෂ 85 යි.. අතින් ලක්ෂ  50 ක්  දුන්නත්  මාසික වාරිකය රු 65000 ක් විතර වෙනවා.. ඉතින් ලැබෙන පඩිය මදිනේ.. ඉතින් එක් ලෙඩෙකුගෙන් අයකළ  රු 500 ට තිබුන ප්‍රයිවට් චැනල් ගාස්තුව රු 800 දක්වා වැඩිකරනවා දොස්තර මහත්තයා ෂපාන් එකේ යන්න ගත්ත දඩුමොනරේ ණය ගෙවන්න.. හරියට  කෑමකුත් නැතුව හරියට අඳින්නෙත් නැතුව ජපානයේ, ඉන්දියාවේ, හෝ චීනයේ සිටින සුදු බඩ මුදලි මාමට දරදිය අදිනවා.. අනේ ඉතින් මුදලාලි මාමගේ කාර් එකේ ගියාම බඩට බත් නැතත් පවු ටික වැඩිකර ගත්තත් නම්බුවනේ උගතාගේ මැණික.. කියලා තමයි මගේ දොස්තර යාළුවො නම් කියන්නේ.. 
 
       දොස්තර කෙනෙකුට යන්න එන්න වාහනයක් තියෙන්න ඕන.. එත් දරා ගන්න පුළුවන් මුදලකට ගන්නවා නම් තමයි හොඳ.. කියලා තමයි බුද්ධිමත් දොස්තර යාලුවෙක් කියාසිටියේ..




Active Search Results
Share this post :

+ comments + 4 comments

January 11, 2012 at 2:53 AM

හ්ම්ම් දැන් කාලේ ඉන්න දොස්තර වරු (හොරු) ගැන කතා කරලා වැඩක් නැහැ..

February 2, 2012 at 12:49 PM

canlı yayında kovuldu

February 5, 2012 at 10:24 AM

radyo dinle canlı radyo dinle bankoelitfm

November 21, 2016 at 11:56 AM

Helatv.com - කට්ටක් නොකා Tv බලන්න

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. SRI LANKA NEWS LINK SINHALA | Sri Lanka News Online in Sinhala - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger