රැකියාවක් නැති මගේ මානසික මට්ටම.

තාප්ප ලයිට් කණු මාව හොඳින් හඳුනුවත් දේශපාලනයේ නිරත ලොකු මහත්තුරුන්ටවත් ලොකු අයියලාටවත් මාව හඳුනන්නේ නැති ගානයි. මාව ඒ අයට පේන්න පටන්ගන්නේ ඡන්දයක් ළඟ එනකොට තමයි.මමත් ගොඩාක් ආසයි රැකියාවක් කරලා හොඳ විවාහයක් කරගෙන යහපත් මනුෂයෙක් විදියට ජීවත් වෙන්න. මට කියල තවම ඇඳුමක් වත් ගන්න තරම් අතේ සල්ලි නැහැ. මමත් ආසයි හොඳින් ලස්සනට අඳින්න පළඳින්න. රැකියාවක් නැතුව විඳින දුක වේදනාව දන්නේ රැකියාවක් නැති කෙනා පමණයි. මම දේශපාලනය කරලා බලාපොරොත්තු වුන රැකියාව මට ලබා දෙන්න. මගේ දෙයියනේ.. මම මේ දවස් ටිකේම බෙලිඅත්ත කාර්යාලයට යනවා යනවා මගේ එකම පැතුම ඉටුකර ගන්න.
අනේ දෙවියනේ... මට කම්කරු රැකියාවක්වත් දෙන්න.. නාමල් මහත්තයෝ... මට ඉන්න එකම ඉටු දෙවි ඔබම පමණයි.
දැනට අප රටේ පවතින දේශපාලන ස්ථාවර භාවය හා රැකියා සම්බන්ද විස්තරයක් මෙහි අන්තර්ගතවේ.

පවතින
රජය බලයට
පත් කිරීම සඳහා දිවා රෑ නොබලා නිල් බලකාය
යටතේ පෝස්ටර් තාප්ප වල ඇලවූ අවස්ථා හිසේ
කෙස්ගානට ඇත. එනමුදු මා තවමත් රැකියාවක් බලාපොරොත්තුවෙන් හූල්ල හූල්ලා දේශපාලන
වැඩවලට සම්බන්ද වී සිටිමි. සැබවින්ම මම ඉල්ලා සිටින්නේ රජයේ කම්කරු
හෝ පියන් රැකියා අවස්ථාවකි. මා වෙනි බර අඳින අය
ගැන කවදා පින්වත්
කුමරුන්ගේ ඇස ඇරෙවිද? අහෝ
දෙවියනි මා වැනි අය ගැන පින්වත් කුමරුන්ට සැලකර සිටිනු
මැන..
රජයේ රැකියා පුරප්පාඩු
පිරවීම කටයුතු දැනට සිදුකෙරේ.
මේවනවිට අප රට තුල රජයේ දෙපාර්තුමේන්තු, මණ්ඩල, අධිකාරී
සහ අනෙකුත් ආයතන වලපවතින පුරප්පාඩු සඳහා ලහි ලහියේ බඳවා ගෙනීම
සිදුකෙරේ. මෙය ප්‍රධාන වශයෙන් සිදුවන්නේ දේශපාලන මාර්ග වලිනි. මෙය දේශපාලනයේ
නිරත සැමට සතුටු දායක පුවතකි. එසේ නමුදු දැනට රැකියා ලැබී ඇති අයගෙන්
වැඩිපිරිසක් සෘජු දේශපාලනයේ නොයෙදුණු අය බව දේශපාලනයේ නිරත අය හොඳින්
දන්නා කාරනාවකි. මේ සම්බන්දයෙන් තම දේශපාලන මන්ත්‍රීවරුන් සමග ගැටුම්
හා හිත අමනාපකම් ඇති වූ හා ඇතිවන අවස්ථා ප්‍රමාණයද වැඩිවී ඇත. මින් එක්
කාරනාවක් නම් දේශපාලන හිතවතුන්ගේ ඥාතීන්ට රැකියා ලබාදීමයි. විපක්ෂයේ දේශපාලන
කටයුතු වල නිරත අයට රැකියා ලැබීම අනෙක් කාරණාවයි. මෙවැනි අක්‍රමිකතා
නිසා දේශපාලනයේ නිරත සැමදෙනා තුලම දැඩි කලකිරුණු බාවයක් හා ඇල්මැරුණු
භාවයක් ඇත. මෙවැනි තත්වයන් ප්‍රසිද්ධියේ විවේචනය කරන අය තම පාක්ෂික
දේශපාලනයෙන් කාපා දමන බවක්ද පෙනේ. මේ හේතුව නිසා කිසිවකු පවතින දේශපාලන
අප්‍රසන්න භාවය විවේචනය කිරීමට නොපෙළඹේ. මෙමෙ ලිපිය සකස්කරන මා හටද සිදුවනදේ
ද ඔබට සිතා ගැනීමට හැකියාව ඇත. මා සැබවින්ම වර්ථමාන රජය පත්කිරීම සඳහා දිවා රෑ
නොබලා බිම්මට්ටමින් පෝස්ටර් ඇලවූ අයෙකි. මා පොදුජන
එක්සත් පෙරමුණට සැබවින්ම ආදරය කරන්නෙකි. මා කිසිදිනක මෙම පක්ෂය
අතහැර වෙනත් පක්ෂයකට නොයන්නෙකි. මක්නිසාද වර්ථමාන ජනාධිපතිතුමා
මේ රට වෙනුවෙන් කල මහගු සේවයයි. අපවැනි අය වෙනුවෙන් පෞද්ගලිකව සැලකීම්
නොකලත් පොදුවේ කරන සේවාවන් ගැන අප පාක්ෂිකයන් තුල කාලගුණ සැලකීමේ ගුණාංගය
ඇත. රට
තුල සිදුවන දැවැන්ත සංවර්ධනය ඇස් පෙනෙන කා හටත්
දැකබලාගත හැකිය.
රටතුල ඇති මාර්ග පද්ධතියේ සංවර්ධනය අතිශයින්ම වැදගත්ය. මෙවැනි
සංවර්ධනයකට ඇත පොවාසිටින රජය තුල සිටින සමහර දේශපාලන බලවතුන්ගේ
ක්‍රියා කලාපයන් නිසා අපවැනි අය තවමත් මහපාරේ සිටීමට සිදුවීම ඉතාමත්
කනගාටුවට හේතුවකි.
+ comments + 1 comments
කිසි වැඩකට නැති මිනිස්සු ඉන්න රටක් මේක. හොඳ නෑ කිය කිය අනුන්ට සැප විඳින්න දේශ පාලුවො පත් කර ගන්නවා. ජීවිතේ තියෙන හොඳම කාලෙ උසස් අධ්‍යාපනේ වෙනුවෙන් කැප කරලා අන්තිමට අපට ඉතුරු වෙන්නෙ සහතික කියන කොළ ගොඩ විතරයි. ඇමතිවරු පස්කිසෙ ගිහින් කිසිම සුදුසුකමක් නැති එවුන්ට රුකියා තියෙනවා.
Post a Comment