මෙන්න අහගන්නකෝ අඩු වියදමකින් මී කතුරු සාදාගන්නා අකාරය..
ඔහුගේ ක්‍රමයට අනුව මේසඳහා අවශ්‍ය වන්නේ ලෑලි කැල්ලක්, අඟල් 2 කේ ඇන දෙකක්, කම්බි කැල්ලක්, මාළු කැල්ලක් හා මස් කැල්ලක් පමණි. පළමුව ලෑල්ල උඩ ඇන දෙක අඟල් 6 ක පරතරය සිටින සේ, ගසා තදින් සවිකර ගෙන ඒ දෙක අතර මල් කම්බියක් හොඳින් ඇදෙන සේ තදින් ගැටගසා ගන්නවා. ඊට පසු එක ඇනයක් උඩින් මාළු කැල්ලද අනෙක් ඇණය උඩින් මස් කැල්ලද තබනවා. ඉන්පසුව මෙම ආකෘතිය මීයන් ගැවසෙන් ස්ථානයක තබනවා. ඔන්න ඉතින් කරුමක්කාර මීයෙක් ඔතනට දුවගෙන් ඇවිල්ල ඇණ දෙක අතර බැඳලා තියෙන කම්බිය උඩින් ඔලුව තියාගෙන "මම මුලින්ම මාළු කැල්ලද කන්නේ මස් කැල්ලද කන්නේ... මාළු කැල්ලද කන්නේ මස් කැල්ලද කන්නේ... මාළු කැල්ලද කන්නේ මස් කැල්ලද කන්නේ..." යනුවන් උගේ ඔලුව දෙපැත්තට හරවා හරවා ඉන්නකොට බෙල්ල තියලා තියෙන කම්බියට ටිකටික උගේ බෙල්ල කැපෙන්න පටන් ගන්නවා. එතකොට මීයා මැරෙනවා කියලා ඔහු ඔහුගේ කතාව ඉවර කළා. පැමිණ සිටි හැමෝම උද්දාමයෙන් අප්පුඩි ගැහුවා එක්කෙනෙක් හැර. ඒ තමයි මෙම කන්දවූරේ පුහුණුව ලැබූ පොඩි හාමු. රැස්ව සිටි ජනතාව ඊ ලඟට ඇමතීමට තිබුනේද ඔහුටය.
ඔහු ඔහුගේ මිතුරාගේ ක්‍රමය වියදම් වැඩි බව කියා සිටිමින් ඔහුට මේ සඳහා තවත් අඩු පිරි වැයකින් මී කතුරු සෑදිය හැකි බව කියා සිටියා. පැමිණ සිටි හැමෝගේම අවධානය ඔහුට යොමු වුණා.
ඔහුගේ ක්‍රමයට අනුව ඔහුට අවශ්‍ය වන්නේ ලෑලි කැල්ලක්, අඟල් 2 කේ ඇන 2 කක්, හා මල් කම්බි කැල්ලක් පමණි. ඉහත පරිදීම ලෑල්ල උඩ අඟල් 6 ක පරතරය සිටින සේ ඇන දෙක සවිකර ගෙන ඒ දෙක අතර කම්බිය තදින් ඇදෙන සේ ගැට ගසා ගන්නවා. ඉන්පසුව මෙම ආකෘතිය මීයන් ගැවසෙන ස්ථානයක තබනවා. ඉතින් ඔතනට මීයෙක් ආව ගමන් ඇන දෙක අතර ඇති කම්බිය උඩින් බෙල්ල තියාගෙන ඌ කියනවලු මෙහෙම "අද මාළු කෑල්ලත් නෑ මස් කැල්ලත් නෑ... මාළු කෑල්ලත් නෑ මස් කැල්ලත් නෑ.. " කියලා. එතකොට මීයාගේ බෙල්ල ටික ටික කම්බියට කැපෙනවා කියල. රැස්ව සිටි ජනතාවත් මැති ඇමැතිවරුත් මෙම සාර්ථක වැඩපිළිවෙල ගැන ප්‍රසංසාත්මකව කතා බහට ලක්විය.
Post a Comment